5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
පසුගියදා අවසන් වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනුකර තිබුණා.
ඒ එම විභාගයට ඉදිරිපත් වූ සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් එක්වයි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ.
මෙම විභාගයේ ප්‍රශ්න කීපයක් කලින් පිටවී ඇති බව පවසමින් විභාගය නැවත පවත්වන ලෙස සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් මීට පෙර ඉල්ලීම් කර තිබුණා.
ඒ පිළිබද පැවති පරීක්ෂණවලින් තීරණය කෙරුණේ විභාගය යළි නොපවත්වා දරුවන්ට සාධාරණය ඉටුකිරීමටයි.
විභාගය නැවත පැවැත්වීම දරුවන්ගේ මානසික තත්ත්වයට අයහපත් ලෙස බලපාන බව විශේෂඥ මතයයි.