භාණ්ඩ ප්‍රවාහනය සහ ඖෂධ ලබාගැනීමට ඇඳිරි නීතිය කාලය තුළත් ජනතාවට පහසුකම් සලසා තිබුණත් ඇතැම් පිරිස් එම එම අවස්ථාවෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගනිමින් මාර්ග වල ගමන් කිරීම එක්රැස් වීම ආදිය පසුගිය දිනවල දක්නට ලැබුණා.
හෙට දිනේ සිට නිරෝධායන ඇදිරිනීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරනු ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එසේම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට සහාය දීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/u_DL5TUdVJ8″]
