පැය 10 ක විදුලි කප්පාදුවක් සිදුවන බවට විදුලි ඉංජිනේරු සංගමය කළ ප්‍රකාශය අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සදහන් කළේ.
දෙසැම්බර් 24, 25, 31 සහ ජනවාරි පළමුවනදා විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා පැවසුවා.
ලබන වසරේ ජනවාරි මාසයේ දී විදුලි ගාස්තු සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදුකෙරෙන බවයි කංචන විජේසේකර මහතා සඳහන් කළේ.
ඒ පිළිබද සවිස්තර වාර්තාවක් ජනවාරි දෙවනදා පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.