ලෝකය පුරා කෙරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ හයදහස් එකසිය හැත්තෑ තුන් දෙනෙකු බවට මේ වන විට පත්ව තිබෙනවා.
මෙම වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 11417ක්. සුවය ලබා ඇති සංඛ්‍යාව වාර්තා වන්නේ අනූ එක් දහස් නවයිස් පනස් දෙකක් ලෙසයි. ලොව පුරා රටවල් 185 ක් පුරා කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර ගොස් තිබෙනවා.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා සිටින තරුණ තරුණියන් වෙත අනතුරු ඇගවීමක් සිදු කර තිබුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZTaP_GPhTJs”]
පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතෙන් ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය චීනය පුරා පැතිර ගියා. කෙසේ වෙතත් අද වන විට දින තුනක් තුලදී පිටතින් රෝගය සමග පැමිණි රෝගීන් හැර චීනයේ කිසිදු ආසාදිතයකු වාර්තා වී නැහැ. පිටතින් පැමිණි ආසාදිතයන් 41 දෙනෙකු ඊයේ දිනයේදී චීනයෙන් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 07 ක් ලෙසයි වාර්තා වුණේ.
මේ අතර කොවිඩ් නයින්ටීන් ව්‍යසනයට ගොදුරු වීම හේතුවෙන් ජීවිතය හැර යාම සිදු වූ වුහාන් රෝහලේ අධ්යක්ෂ ලූ චයිමින්ගේ සිරුර රැගෙන යන රථය පිටුපස ඔහුගේ බිරිද දිව යන ආකාරය දැක්වෙන සංවේදී වීඩියෝ දර්ශනයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇය එම රෝහලේ ප්‍රධාන හෙදියද වනවා.
වෙන විට මෙම වෛරස් තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඉතාලියටයි. ගෙවුණු පැය 24 තුළ එරටින් මරණ 627 ක් වාර්තා වුණා.
මේ අතර පවතින තත්ත්වය හමුවේ ඉතාලි ජනතාව යම් ආකාරයක මානසික සැහැල්ලුවක් ලබා ගනිමින් අසල්වැසියන් සමග තම සදලුතල වලට වී ගී ගයන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඉතාලියට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයටයි. ඇමෙරිකාවේ සියලුම ප්‍රාන්තවලින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වනවා. ඇමෙරිකා උප ජනාධිප මයික් පෙන්ස්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට වෛරසය වැළදී ඇති බවද විදස් මාධ්‍ය වාර්තා කරනවා. එම පුද්ගලයා ජනාධිපතිවරයා හෝ උප ජනාධිපතිවරයා සමග කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර සිංගප්පූරුවෙන් පළමු මරණ දෙක අද වාර්තා වුණා. සිංගප්පූරු ජාතික 75 හැවිරිදි කාන්තාවක් හා ඉන්දූනිසියා ජාතිකයෙක් මෙලෙස මිය ගොස්ඇති බවයි වාර්තා වන්නේ.
