හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 23 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ඇගයුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ස්කයිප් තාක්ෂණය ඔස්සේ සුබපැතුම් එක් කළා.
තුන්විසි වසරක මෙහෙවර අභිනන්දන ඇගයුම් උත්සවය කලුතරදී පැවැත්වුණා. රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන ගමන්මග අළලා ලියැවුණු කෘතිය ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වුණා. පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළා. ස්කයිප් තාක්ෂණය ඔස්සේ රෝහිත අබේගුණවර්ධන මහතාට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීම සඳහා රෝහිත අබේගුණවර්ධන මහතා ප්රමුඛ කාර්යයක් ඉටු කළ බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/TJ_FL04hihE”]
