අඩු පහසුකම් ජනාවාසවල ජීවත් වන පවුල් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිවල කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
අඩු පහසුකම් ජනාවාසවල ජීවත් වන පවුල් 240 ක් වෙනුවෙන් කොළොන්නාව සංහිද සෙවණ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. එම නිවාස ව්‍යාපෘතිය ලබන මාසයේදී ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ අරමුණයි. එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් වන අතර නිවාස ව්‍යාපෘති සියලු පහසුකම්වලින් සමන්විතයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 960ක්. නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ 2010 වසරේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=1dbvd1cRYFQ&feature=youtu.be&fbclid=IwAR31e8hDl1wiJfN1vnwvHkk8HaiT-Hvsd44jHnJKXSsH8LRUGF08p0oLFLc”]