චීනයේ සිට පැමිණෙන මගීන් පරීක්ෂා කිරිමේ විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ වුණා.
ඔවුන් වාසය කරන ස්ථානවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඒ සදහා යොදවා තිබෙනවා. දින 14ක් යනතුරු ඔවුන් පරීක්ෂාවට ලක්කරන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ.
විදේශිකයන් මෙරටට ඇතුළු වන ස්ථාන පරීක්ෂා කිරිමට ද පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. ගුවන් තොටුපල හා වරාය ආශි‍්‍රතව එය කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ.
