fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 3ට ආණ්ඩුව හැදූ මාර්ග

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 18:21

වසර 3ට ආණ්ඩුව හැදූ මාර්ග

වසර 09 ක් තුළ සිදු නොකළ සංවර්ධනය වසර තුනකදී ක්‍රියාත්මක කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා පවසනවා. දෙණියාය ප්‍රදේශයේ පැවති  උත්සවයකට එක්වෙමිනුයි  අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

රට තුළ  ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ  වැඩසටහන යටතේ පස්ගොඩ සහ දෙණියාය යන ප්‍රදේශවල ප්‍රතිලාභී පවුල් දහසක් සදහා ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ බිම් මටට්මේ ජනතාව සදහා රජයක් වශයෙන් කළ යුතු යුතුකම් ඉටුකිරීමට වත්මන් රජය කැපවී සිටින බවයි.

ගයන්ත කරුණාතිලක සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් ද මෙහිදී අදහස් දැක්වුවා.

බොහෝ කලක් මැවූ සිහිනය වත්මන් රජය සැබෑ කළ බවයි මෙහිදී අදහස් දැක්වූ ඉඩම් හිමිකම් ඔප්පුලාභීන් සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්