නිර්මාණ රැසක් බිහි කිරීමට දායක වූ රන්මිහිතැන්න යළි ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළ යුතුයි
Related Articles
පසුගිය වසර හතර තුළ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය නොසළකා හැරීම කලා ක්ෂේත්‍රයට සිදු වූ මහත් පාඩුවක් බව සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසනවා.
රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
සිංහල සිනමාවේ 73 වන සැමරුම වෙනුවෙන් මහා කවි කාලිදාසයන්ගේ කුමාර සම්භව නමැති වීරකාව්‍ය ඇසුරින් නිර්මාණය කරන නවතම සිංහල චිත්‍රපටය රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී රූගත කිරීම ආරම්භ කෙරුණේ සුනිල් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
චිත්‍රපටය රූගතකිරීමට පෙර සිංහල සිනමාවේ 73 වන සැමරුම වෙනුවෙන් පහන් සිළු දැල්වීමද සිදු කෙරුණා.
අනතුරුව අදහස් දැක් වූ සුනිල් ආරියරත්න මහතා කියා සිටියේ නිර්මාණ රැසක් බිහි කිරීමට දායක වූ රන්මිහිතැන්න යළි ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළ යුතු බවයි.