රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදවල නිරත වූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
ආන්දෝලනාත්මක දුරකතන හඩපට වලින් හෙළිවූ විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ද නීතිපතිවරයා උපදෙස් ලබාදුන්නා.
සිද්ධියට අදාළ හඩපට ඇතිබව කියන මහාධිකරණ විනිසුරුවරුන්වන ගිහාන් පිලපිටිය, පත්මිණි රණවක, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට උපදෙස් දී ඇති බවයි අධිකරණ වාර්තා සදහන් කරන්නේ.
මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
