මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය මාස තුනක් ඇතුලත විධිමත්ව දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඊයේ (13) පස්වරුවේ බෙලඅත්ත දුම්රිය ස්ථානයට ගිය අමාත්‍යවරයා මාර්ගයේ ඉදිකිරිම් පිලිබද අදාල බලධාරින් සමග සාකච්ඡා කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. මාතර බෙලිඅත්ත මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදුවුවද , දුම්රිය මාර්ග ව්‍යාපෘතියට පරිබාහිරව ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල පවතින අඩුපාඩු හේතුවෙන් දුම්රිය මාර්ගය තවමත් දුම්රිය දෙපාර්තමේන්තුවට විධිමත් ලෙස පවරා ගෙන නැහැ.
අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් දුම්රිය බලධාරින් සමග අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූ බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව මෙම දුම්රිය මාර්ග සමස්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසද මහින්ද අමරවීර මහතා බලධාරින්ට නියෝග කර තිබෙනවා.
මේ අතර මාතර කතරගම දුම්රිය මාර්ගයේ දෙවන අදියර වන බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා කොටසේ ඉදිකිරිම් කටයුතු සදහා ඉඩම් පවරා ගැනීම සහ වන්දි ලබාගැනීමට අදාල ශක්‍යතා වාර්තා කඩිනමින් සකස් කර අවසන් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.