වැඩ කරන රටක් ගොඩනැගීමට ජනතා නියෝජිතයන් කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා.
ජනතා නියෝජිතයන් ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. පළාත් පාලන නියෝජිතයින් සමග පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මීට එක්ව සිටියා. මහා නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය සඳහා බිම් මට්ටමින් ශක්තියක් වූ සියලු පළාත් පාලන නියෝජිතයන්ට ජනාධිපතිතුමා ස්තූතිය පළ කළා. සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර දුන් ජනතාවගේ අපේක්ෂා ඒ අයුරින්ම ඉටු කිරීම තමාට මෙන්ම සියලු මහජන නියෝජිතයන්ට පැවරී ඇති අභියෝගාත්මක වගකීමක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/os1DeTaA99U”]
2015 දී රජය ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ කරුණු හඳුනා නොගන ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙනයා නොහැකි බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.
ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන නියෝජිතයන් වෙත ගොස් ඔවුන් සමග සුහද කතා බහක ද නිරතවුණා.
