සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කටහඩ සාම්පල ලබාගැනීම සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණා.
කෙසෙල්වත්ත පොලීසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකුට දුරකතනය ඔස්සේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සම්බන්ධයෙනුයි මෙලෙස කටහඩ සාම්පල ලබා ගැනෙනුයේ. ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයකට අනුවයි. ගංජා කිලෝග්රෑම් පහයි ග්රෑම් 300 ක් ළග තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ කම්ජිපානි ඉම්රාන් වසර 6 ක බරපතල වැඩ සහිත සිර දඩුවමකට ලක්ව සිටිනවා.
