වැම්කෝ සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගියා. සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
සුළි කුණාටුවත් සමග අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් අවතැන් වී සිටිනවා. නගරය පුරා විදුලිය විසන්ධි වීම හේතුවෙන් දහස් ගණන් පිරිස් අපහසුතාවයට පත්ව සිටිනවා. ලොව දරුණුම සුළි කුණාටුවක් වන ගෝනි සුළිකුණාටුවෙන් ද පිලිපීනයට මීට දින කිහිපයකට පෙර හානි සිදු වුණා.
මෙම වසර තුළ පිලිපීනයට බලපෑ 21 වන සුළි කුණාටුව මෙයයි. පැයට කිලෝමීටර් 155ක වේගයෙන් හමා යන සුළඟත් සමග ඇති වූ සුළි කුණාටුව හෙට දිනයේ දී වියට්නාමය දෙසට ගමන්කරුණු ඇති බවටයි පිලිපීන කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.