ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ 5 ක් එකඟතාවට පැමිණ තිබෙනවා.
යාපනයේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බවයි දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී වී විග්නේෂ්වරන්, ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලනාදන්, ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් හා දෙමළ මහජන සභාවේ නායක ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරුන් මීට එක්ව සිටියා. ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා මෙම යෝජනාවලියට එකඟතාව පළ නොකළ අතර සෙසු පක්ෂ නායකයින් ඊට එකඟතාව පළ කළා.
යෝජනාවලිය ජනාධිපති අපේක්ෂකයින්ට ඉදිරිපත් කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිචාර මත ජනාධිපතිවරණයේදී දෙමළ ජනතා ඡන්දය ලබා දෙන අපේක්ෂකයා කවුරුන් ද යන්න තීරණය කරන බවයි එම දෙමළ දේශපාලන පක්ෂ නායකයින් පවසන්නේ.
