ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ප්‍රදේශ දෙකකට රොකට් ප්‍රහාර එල්ල වුණා. ඒ මධ්‍යම බැග්ඩෑඩයේ අධි ආරක්ෂිත කලාපයට.
තවත් රොකට් ප්‍රහාරයක් ටයිග්‍රිස් ගංගාවට පතිතවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කෙසේවෙතත් එම ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන්ට කිසිදු හානියක් සිදුනොවූ බව එරට ආරක්ෂක අංශ සදහන් කර තිබෙනවා. විදෙස් තානාපති කාර්යාල සහ රජයේ කාර්යාල රැසක් ද මධ්‍යම බැග්ඩෑඩයේ අධි ආරක්ෂිත කලාපය පිහිටා ඇති බවයි එරට වාර්තා සදහන් කළේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.
