එංගලන්තයේ හීතෘෘ ගුවන්තොටුපොළේ, ලන්ඩන් සිටි ගුවන්තොටුපොළේ සහ වෝටලූ දුම්රිය ස්ථානයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් එරට බලධාරීන් සොයාගෙන තිබෙනවා.
එංගලන්ත පොලිසිය සදහන් කළේ ඒ ෆෝ ප්‍රමාණයේ කඩදාසි බෑග්වල මෙම පුපුරණ ද්‍රව්‍ය බහා තිබූ බවයි. මේ සම්බන්ධයෙන් එරට හමුදා අංශ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම ප්‍රදේශ කිහිපයේ ජනතාව ඉවත් කිරීමටත් එම අවස්ථාවේ බලධාරීන් පියවර ගත් අතර දැඩි ආරක්ෂක විධිවිධාන යෙදීමට ද කටයුතු කෙරුණා.