උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාද වන බව දුම්රිය පාලක මැදිරිය ප්රකාශ කළා. ඒ අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.
එය සිදුවුණේ මහව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතරදී. ඒ හේතුවෙන් කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වූ උත්තර දේවි දුම්රිය ද මේවන විට අඹන්පොල දුම්රිය ස්ථානයේ නවතා තිබෙනවා. පීලිගත කිරිම් දැනටමත් ආරම්භ කර ඇති බවයි පාලක මැදිරිය සදහන් කළේ.