දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට නම් පුහුණු ගුරුවරුන් බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ. අධ්‍යාපනය තුළින් පුද්ගල පෞරුෂ සංවර්ධනයට පියවර ගත යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් හාරදහස් දෙසීය අසූහය දෙනෙකුට ගුරු පත්වීම් ලබා දීම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/blGifO1D5zI”]
