ඉන්දුනීසියාවේ නව අගනුවර නම් කිරීමට බෝර්නියෝ දූපත තෝරා ගෙන තිබෙනවා.
වර්තමානයේ ඉන්දුනීසියාවේ අගනුවර ලෙස සැළකෙන්නේ ජකර්තා නුවරයි. එහි පුද්ගලයින් මිලියන 10 ක් පමණ ජීවත් වනවා. ජකර්තා නුවර වසරකට සෙන්ටිමීටර් 25 ක් පමණ ගිලී යාමේ අවදානමකට මුහුණ පා සිටින බැවින් මෙසේ නව අගනුවරක් තෝරා ගැනීමට සිදුව ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ජකර්තා අගනුවර මේ වන විට මුහුදු මට්ටමෙන් පහත පිහිටා ඇති බව සදහන්. නව අගනුවර සදහා තවමත් නමක් යෝජනා වී නැහැ. නව අගනුවර ව්‍යාපෘතියට ඇමෙරිකා ඩොලර් බිලියන 32 ක් පමණ වැය වන බවයි එරට වාර්තා සදහන් කළේ.
