ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් දරුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පෙන්සිල්වේනියාවේ නිවසක් තුළ මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ මාස 8 සිට අවුරුදු 8 දක්වා වයස්වල පසුවූ කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ. ගින්නෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානය සම්පුර්ණයෙන්ම විනාශ වුණා. එහි සේවය කල කිහිප පුද්ගලයින් 4 දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ගින්නට මැදිවු තවත් කුඩා දරුවන් 5 දෙනෙකු බේරාගැනීමට හැකිවී ඇති බවයි වාර්තා වන්නේ.