බුදු පුත් සුරක්ෂා උතුරු මැද පළාත් වැඩසටහන ලබන සෙනසුරාදා පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍යංශය ප්‍රකාශ කළා. ඊට සමගාමීව උතුරු පළාතේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ද මෙම රක්ෂණ ක්‍රමය හදුන්වාදෙන බවයි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පෙන්වා දුන්නේ.
භික්ෂුන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම ඇතුළු අරමුණු කිහිපයක් මත මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාවට නැංවෙනවා. ඊට සමගාමීව බුදු පුත් මව්පිය සුරක්ෂා සහ බොදු අරම සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේ.
