බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59ක ජයක් වාර්තා කිරිමට සංචාරක ඉන්දිය කණ්ඩායම සමත් වුණා. සිය එක්දින ක්‍රිකට් දිවියේ තුන්සියවන තරගයට ක්‍රිඩා කළ බටහිර ඉන්දිය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් මෙම තරගයේදී වාර්තාවක් පිහිටුවීම විශේෂත්වයක්.
ඇමෙරිකාවේ පෝට් ඔෆ් ස්පේන්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 279ක් රැස් කළා. විරාත් කෝලි ලකුණු 120ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ කාර්ලස් බ්‍රැත්වෙයිට් කඩුලු 03ක් බිඳ හෙලුවා.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කොදෙව් කන්ඩායමට පන්දුවාර 46කදී තරගය ජයගැනිම සදහා ලකුණු 270ක ඉලක්කයක් හිමි වුණා. කේසේ වෙතත් කොදෙව් ක්‍රිඩකයන්ට පන්දුවාර 42ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 210ක් පමණයි. බටහිර ඉන්දිය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් මෙම තරගයේදී වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ කොදෙව්වන් වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙසයි. මෙම තරගයේදී ලකුණු 11ක් රැස් කළ ක්‍රිස් ගේල් මේ වන විට එක්දින පිටියේදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව දසදහස් තුන්සිය පනස් තුනක්. මීට පෙර කොදෙව්වන් වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් අදාළ වාර්තාවට හිමිකම් කිවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයන් ලාරායි. පන්දුයැවිමේදී බුවනේෂ්වර් කුමාර් කඩුලු 04ක් බිඳ හෙලුවා. දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස මේ වන විට පෙරමුණේ සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි. පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.