පාස්කු ප්‍රහාරය පිළිබද තොරතුරු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ විශේෂ කාරක සභාව අද (25) දිනයේත් රැස්වුණා. එම විශේෂ කාරක සභාව හමුවේ පළමුවෙන්ම සාක්ෂි ලබා දීමට පැමිණියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතායි.
