මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. පෙරවරු 10 ට ආරම්භ වන මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබුණා.
මෙම සාකච්ඡාවට සහභාගී වීම සඳහා පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත පැමිණෙන ආකාරය දැක ගත හැති වුණා. ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. ඡන්ද හිමි නාමලේඛණ ප්රතිශෝධන ක්රියාවලිය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. එය සහතික කිරීම ඔක්තෝම්බර් 31 වනදා සිදු කිරීමට නියමිතයි. ඊට පෙර නම් ලැයිස්තු ප්රදර්ශනය කිරීම ලබන 15 වනදා සිට ජුලි 12 වනදා දක්වා සිදු කෙරෙනු ඇති. ඡන්ද හිමි නාමලේඛණ පිළිබද ගැටලුවක් ඇත්නම් ග්රාම නිලධාරීන්ගෙන් හෝ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයෙන් විමසිය හැකියි.