2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමට හෙට (01) ආරම්භ වනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේ, හෙට(01) සිට ලබන 8 වැනිදා දක්වා එම කටයුතු සිදුකෙරෙන බවයි.
පසුගිය ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලු දෙනා මෙම ඡන්ද විමසීම සදහා නැවතත් අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.
ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කළ ඡන්ද හිමි නාමලේඛණයම මෙම මැතිවරණයටත් අදාළ වනවා.