මහව – ඕමන්ත අතර කිලෝ මීටර් 128 ක දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම සදහා ගිවිසුමකට අත්සන් තැබීම අද(18) සිදුවුණා. ව්‍යාපෘතියට වැයකරන මුදල ඩොලර් මිලියන 91.26ක්.
ඉන්දීය ණය ආධාර ඊට ලබා ගැනෙනවා. පැයට කිලෝ මීටර් සියයක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි පරිදි මාර්ගය සංවර්ධනය කිරිමයි අරමුණ . දුම්රිය හරස් මාර්ග 78ක් , දුම්රිය ස්ථාන 12ක් සහ දුම්රිය නැවතුම්පල හතරක් එහිදි සංවර්ධනය කෙරෙනවා. ව්‍යාපෘතිය අවසන් කිරිමට අපේක්ෂිත කාලය මාස 36ක්.
