සුප්‍රසිද්ධ ජාත්‍යන්තර ආපන ශාලා සමුහයක් වන සරවනබවන් හි හිමිකරු මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ හෘදයාබාධයකින්.
පුද්ගල පැහැරගැනීම් සහ ඝාතන චෝදනාවලට වැරදිකරු වූ සරවනබවන් හිමිකරු ඇතුලු පස් දෙනෙකුට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීමටයි මදුරාසි අධිකරණය 2009 වසරේදී තීරණය කළේ. තමා යටතේ සේවය කළ පුද්ගලයෙකු ඝාතනය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ.
සේවකයාගේ බිරිද විවාහ කරගැනීමේ අරමුණෙන් ඔහු ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු තහවුරු වී තිබෙනවා. ලොවපුරා ව්‍යප්තව ඇති සරවනබවන් ආපන ශාලා ගණන 80 ක්.