දකුණු ආසියාවේ විශාලතම බෝට්ටු ප්‍රදර්ශනය ඊයේ (30)ආරම්භ කෙරුණා.
ප්‍රදර්ශනය හෙටින්(01) අවසන් වන අතර පෝට් සිටි සේල් ලංකා පරිශ්රයේදීයි එය පැවැත්වෙන්නේ.
සමුද්‍ර කර්මාන්ත මණ්ඩලය සංවිධාන කරන දකුණු ආසියාවේ විශාලතම බෝට්ටු ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ චතුරංග අබේසිංහ, රුවන් රණසිංහ යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනුයි.
මෙම ප්‍රදර්ශනය ධීවර හා සමුද්‍ර කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියාකරනවා.
මෙමගින් ජාතික ආර්ථික සංවර්ධනයට ධනාත්මක දායකත්වයක් ලබා දෙමින් ක්ෂේත්රය තුළ නවෝත්පාදන , තාක්ෂණයන් හා ආයෝජන අවස්ථා උදාකර ගැනීම අපේක්ෂා කෙරෙනවා.
