පාස්කු ඉරිදා සිදුවූ ප්රහාරයෙන් පසු මෙරට ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ඇමරිකාව සිය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්රි ලංකාවේ ඇමරිකා තනාපති ඇලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය ප්රකාශ කළා.
මෙවැනි කෲර ක්රියාකාරකම් අනාගතයේ සිදුවීම වැළැක්වීම සඳහා ගතයුතු ආරක්ෂක සහ සන්නිවේදන ක්රියාවලිය පිළිබඳ ශ්රී ලංකාවේ අවධානය යොමු කරන බවයි ඇය පෙන්වා දෙන්නේ. එහිදි ඇමරිකාව මුහුණදුන් අත්දැකීම් උපකාර වනු ඇතැයිද නිවේදනයක් නිකුත් කරමින් තානාපතිවරිය සඳහන් කරනවා.
ශ්රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත පමණක් පැමිණි ඇමරිකා විශේෂඥයන් දිගු කාලිනව මෙරට රැදී සිටිම කිසිසේත් සිදුනොවන බවයි නිවේදනයෙහි දැක්වෙන්නේ. ත්රස්තවාදයට දිය හැකි වඩාත් බලවත්ම පිළිතුර වන්නේ ප්රජාතන්ත්රවාදය හා එකමුතුකමයි. ශ්රි ලංකාවේ පවතින විශ්මිත විවිධත්වය තුළ එම ප්රජාතන්තවාදය හා එකමුතුව ශක්තිමත් කිරිමට ඇමරිකාව සහාය ලබාදෙන බවද තානාපති ඇලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය සඳහන් කර තිබෙනවා.
