fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට එරෙහි ජිනිවා යෝජනාව සම්මතයි – ප්‍රබල රටවල් රැසක් නිහඬ වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2021 19:09

ශ්‍රී ලංකාවට එරෙහි ජිනිවා යෝජනාව සම්මතයි – ප්‍රබල රටවල් රැසක් නිහඬ වෙයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා නුවර ජගත් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඡන්ද විමසීම පැවැත්වුණේ මෙරට වේලාවෙන් සවස 4.40ට පමණයි. 46 එල් එක යෝජනාව අද දිනයේ කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු පළමු යෝජනාව ලෙස විවාදයට ගැනුණු අතර එය ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයයි.

යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ද විරෝධය දක්වමින් ඡන්ද 11ක් හා රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. බංග්ලාදේශය, බොලීවියාව, චීනය, කියුබාව, එරිට්‍රියාව, පකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්තානය හා වෙනිසියුලාව ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට පක්ෂ පාතීත්වය දක්වමින් ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

අපට සමීපතම රටවල් ලෙස සැලකෙන දකුණු ආසියාවේ ප්‍රභලයා වන ඉන්දියාව මෙන්ම නේපාලය ද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම විශේෂත්වයක් ලෙස දැක්විය හැකියි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු 46 එල් 01 යෝජනාවට අදාළ ඡන්ද විමසීම ඊයේ දිනයට යෙදී තිබුණු අතර යෝජනාවන් පෙළ ගැස්වීමේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් ඡන්ද  විමසීම අද දක්වා කල් තැබුණා.

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ අද දිනයේ පළමු යෝජනාව ලෙස ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කිරීමට තිබූවද පසුව තවත් පැය දෙකකින් එය කල් තබනු ලැබුවා.

46 වන ජගත් මානව හිමිකම් සැසිවාරය ආරම්භ වූයේ පසුගිය මස 22 වනදායි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේගේ යෝජනාවක් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු අතර එය සංවාදයට ගත් අවස්ථාවේදී  රටවල් 21ක් ශ්‍රී ලංකාවට සහාය පළකලා. යෝජනාවට පක්ෂව සහය ලැබුණේ රටවල් පහලොවක පමණයි. පසුව කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව  තවත් යෝජනාවක් මානව හිමිකම් කවුන්සියලයට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනාව සදහා අනෙක් රටවල සහයෝගය ලබාගැනීමට යෝජනාවේ සම අනුග්‍රාහකත්වය දරන කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි  ප්‍රයත්නයක නිරත වූ ආකාරය සැසිය පැවති කාලයේදී දක්නට ලැබුණා.

මේ අතර 46 වන මානව හිමිකම් සැසිවාරයේ දී අපට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනාව හා ඡන්ද විමසීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද සංවිධාන කර තිබුණා. වීඩියෝව පහතින්….

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2021 19:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්