රත්නපුර සීවලී ක්රීඩාංගනය ප්රදේශයට දැඩි සුළං තත්ත්වයක් බලපා තිබෙනවා. එය ටොනාඩෝ තත්ත්වයක් බවයි වාර්තා වන්නේ.
රත්නපුර සීවලී ක්රීඩාංගනයේ දී පැවති ක්රීඩා උත්සවයක් අතරතුර මෙම ටොනාඩෝ තත්ත්වය බලපා තිබෙනවා. මේ හේතුවෙන් උත්සවයට සහභාගී වු ළමයින් රැදී සිටි යකඩ කූඩාරම් විසි වී යන ආකාරය දැකගත හැකි වුණා. වහාම ආරක්ෂිත ස්ථානවලට පැමිණීම හේතුවෙන් ළමයින් දරුණු අනතුරකින් බේරා ගැනීමට හැකිවූ බව එම ස්ථානයේ සිටි පිරිස් ප්රකාශ කළා.
මෙම ටොනාඩෝ තත්ත්වයත් සමග විශාල දූවිලිවලාවක් ක්රීඩාංගනය පුරා පැතිර යන ආකාරය ද දැකගත හැකිවුණා.
