රයිගම්පුර හරිත කර්මාන්තපුරය හා තාක්ෂණික සංවර්ධන අධිකලාපයට මුල්ගල තැබීම අද (7) පෙ.ව.9.00 ට සිදු කිරීමට නියමිතය.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අක්කර 200ක භූමියක යෝජිත පරිසර හිතකාමී කර්මාන්ත කලාපය ඉදි කෙරේ.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය නීතිඥ අජිත් පී.පෙරේරා මහතාගේ ආරාධනයෙන් මුල්ගල තැබීමේ සමාරම්භක අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සහභාගී වීමට නියමිතය.
ගල්පාත,පාතකඩ,උඩුවර ප්‍රදේශ ආශ්‍රිතව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිවෙමින් පවතින පැල්පොල පිවිසුම සමීපයේ මෙම කර්මාන්ත කලාපය ඉදි වෙයි.මෙහි මූලික යටිතල පහසුකම් වෙනුවෙන් රජයේ ආයෝජනය රුපියල් ලක්ෂ 8000කි.දෙස් විදෙස් වෙළඳපොල ඉලක්ක ජය ගනිමින් දස දහසකට අධික සෘජු රැකියා මෙමඟින් උත්පාදනය කෙරේ.
