fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා වැඩ භාර ගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2022 12:25

විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා වැඩ භාර ගනී

විදුලිබල මණ්ඩලයේ නව වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා අද වැඩ භාරගත්තා. ඒ විදුලිබල මණ්ඩල මූලස්ථානයේදීයී.

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේ‍සේකර මහතා ඊයේ දිනයේදී පත් කරනු ලැබුවා. දැනට විදුලිබල මණ්ඩලයේ සිටින ඉංජිනේරුවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවරයා වන්නේ රොහාන්ත අබේසේකර මහතායි. මින් පෙර එම ධුරයේ කටයුතු කළ ආචාර්ය සුසන්ත පෙරේරා මහතාගේ පත් කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය දිගින් දිගටම විරෝධය පල කළා.

ඔවුන් ඉල්ලා සිටියේ ජ්‍යෙෂ්ඨත්වය මත අදාළ තනතුරට ආචාර්ය රොහාත්ත අබේසේකර මහතා පත් කරන ලෙසයි. ඒ අනුව අද දිනයේදී ඒ මහතා සිය ධුරයේ වැඩ භාරගත්තා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2022 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්