කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි ලක්සිරි අමරසිංහ ඇප මත මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රංග දිසානායක මහතා අද (09) නියෝග කළා.
ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුට සැගවී සිටීමට, විදේශ රටකට යාමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ මුදල් තැන්පත් කිරීම යන වැරදි වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිටයි ලක්සිරි අමරසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ.
