ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ඩී ඒ රාජපක්ෂ මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදී පැවැත්වුණා. හිටපු කතානායකවරයෙකු මෙන්ම කෘෂිකර්ම හා ඉඩම් උප ඇමතිවරයෙකු වූ ඩී ඒ රාජපක්ෂ මහතා හම්බන්තොට සහ බෙලිඅත්ත හිටපු මන්ත්‍රීවරයෙක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කර පෝෂණය කිරීමේදී විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ඩී ඒ රාජපක්ෂ මහතාගෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විශාල සේවාවක් සිදුව තිබෙනවා. ඩී ඒ රාජපක්ෂ මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය ආරම්භ වුණේ තංගල්ලේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙනුයි. අග්‍රාමාත්‍යවරයා මෙන්ම රාජපක්ෂ පවුලේ ඥාතීන්, මහජන නියෝජිතයින් හා පාසල් දරු දැරියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පූජ්‍ය මිරිස්සේ ධම්මවංශ ස්වාමීන්වහන්සේ අනුශාසනාවක් සිදු කළා.
ඩී ඒ රාජපක්ෂ ගුණසමරුව වෙනුවෙන් සිසුර ශිෂ්‍යත්ව ප්රදානය සිදු කෙරුණේ තංගල්ල නගර ශාලාවේදීයි. අග්‍රාමාත්‍යවරයා මෙන්ම මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. ඩී ඒ රාජපක්ෂ ගුණ සමරු දේශනය පැවැත්වූයේ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතායි.
[ot-video type=”youtube” url=”https://youtu.be/MGwXdbE3-B0″]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/45474746_1999985930090534_63007913261662208_n-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/45581740_1999986803423780_796694387340869632_n.jpg”]
