fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය කඩුලු 08කට ලකුණු 321යි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 17:00

එංගලන්තය කඩුලු 08කට ලකුණු 321යි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන සංචාරක එංගලන්ත කණ්ඩායම තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 08 ක් දැවී ලකුණු 321 ලබා ගැනීමට සමත්වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 10 ක් ලෙස සටහන්ව තිබියදී දැවී ගියා. තුන්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වුණේ එංගලන්ත නායක ජෝයි රූට්. ඒ රංගන හේරත්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්. එම කඩුල්ලත් සමගින් රංගන හේරත් මෙම ක්‍රීඩා පිටියේ කඩුලු 100 ක් දවාගත් දෙවන පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වුණා. 1999 වසරේ ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබූ රංගන හේරත් 90 දශකයේ ටෙස්ට් දිවිය ආරම්භ කරමින් තවමත් තරගවලට සහභාගිවන එකම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව සිටිනවා. 40 වන වියේ පසුවන ඔහු ක්‍රිකට් පිටියේ වයස්ගතම ක්‍රීඩකයා ලෙසයි සැලකෙන්නේ. මෙම තරගයෙන් අනතුරුව රංගන සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නවා.

ඉණිමේ පළමු කඩුලු හය ලකුණු 164 ක්ව තිබියදී දැවී ගියා. ඉන් අනතුරුව පසුපෙළ පිතිකරුවන් වගකීම් සහගතව ඉණිම ගොඩනැගුවා. දිල්රුවන් පෙරේරා කඩුලු 4 ක් දවාගත්තා. සුරංග ලක්මාල් කඩුලු දෙකක් හා අකිල ධනංජය එක් කඩුල්ලක් දවාගත්තා. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව ලෙස ඔබ වෙත ගෙන එන්නේ ලක්හඩ ගුවන් විදුලියයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 17:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්