fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටකතා හා අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා – රජයෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 16:10

කටකතා හා අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා – රජයෙන් ඉල්ලීමක්

ඇතැමුන් ගෙන යන පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී අවබෝධයෙන් යුතුව කටයුතු කරන මෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කරනවා. තහවුරු කළ තොරතුරු කඩිනමින් ජනතාව වෙත ලබාදීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියාකරමින් සිටිනවා.  රජයේ නිල පුවත් මහජනතාව වෙත ලබාදීමේ කටයුත්ත ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවැරදිව ඉටුකරන අතර ඇතැමුන් සමාජමාධ්‍ය ජාලා, වෙබ් අඩවි මෙන්ම ඇතැම් මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රවෘත්ති ගෙන යන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.  ජනතාව නොමග යවන සුළු එම ප්‍රචාරයන්ට හසු නොවී  බුද්ධිමත්ව ක්‍රියාකරන ලෙස මේ අනුව රජය දැනුම් දෙනවා. රටේ දේශපාලන හා ආර්ථික උන්නතිය මෙන්ම ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.  ඒ අනුව මේ මොහොතේ සමස්ථ ජනතාව ජාතික හැගීමෙන් හා නිසි අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම රටේ පොදු යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo