අද උදෑසන වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා. ඔවුන් දෙදෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්.
අලුතින් හදුනාගත් කොරෝනා ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙක්. අනෙක් පුද්ගලයා කුවේට් සිට මෙරටට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියට එක්ව සිටි අයෙකු බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
අද උදෑසන වන විට කන්දකාඩු හා සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ හදුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 639 දෙනෙකු වනවා. නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 308 දෙනෙකු එම කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු නිවෙස් බලා පිටව ගියා. තවදුරටත් නිරෝධායනයට එක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 7122ක්. මේ අතර ඊයේ දිනය තුළ පීසීආර් පරික්ෂණ 2110 ක් සිදුකර තිබෙනවා.
මේ දක්වා මෙරට සිදුකර ඇති පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ දහනව දහස් එකසිය හැට දෙකක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ. එමෙන්ම අද උදෑසන 6.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2830ක්. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 144ක්.