ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් ඇගයෙන “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප – 2018” සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වුණා.
සාහිත්‍ය, කලා සහ සන්නිිවේදන යන ක්ෂේත්රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආදී විද්‍යාර්ථීන් 40 දෙනෙක් ජනාධිපතිතුමා අතින් ගෞරව සම්මාන ලැබීය.
තෙවන වතාවටත් පැවති මෙම සම්මාන උලෙළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, එම විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ, පා.ම බන්දුල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු ආදී විද්‍යාර්ථීන් රැසක් මීට එක්ව සිටියහ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44183216_10156498836276327_3458359726037794816_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44194880_10156498836491327_1695948612275535872_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44249915_10156498836666327_1180220196481138688_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44299792_10156498836526327_4859082048846954496_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44333025_10156498836291327_557618790905413632_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44334719_10156498836406327_8941229832679718912_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/44402572_10156498836216327_8384697453751828480_n.jpg”]
