fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැටුප රුපියල් 1000ක් කරන්නැයි ඉල්ලා වතු කම්කරුවන් පාරට බසියි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 15:58

වැටුප රුපියල් 1000ක් කරන්නැයි ඉල්ලා වතු කම්කරුවන් පාරට බසියි

දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතුකරයේ ස්ථාන කිහිපයකම වතු කම්කරුවන් ප්‍රධාන මාර්ගවලට පිවිස උද්ඝෝෂණයක නිරතවුණා. හැටන්, දික්ඔය, අලුගාල්ල මංසන්ධියේ සහ හැටන් දික්ඔය පුලියාවත්ත යන ප්‍රදේශවල වතු කම්කරුවන් කළු කොඩි ඔසවමින් වතු සමාගම්වලට එරෙහිව සිය විරෝධය පළකර සිටියා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති ඉකුත් වෙනිදා (15) සාකච්ඡා පැවැත්වූ අතර එහිදීද එකඟත්වයකට පැමිණීමට අපොහොසත් වුණා.

වතු අධිකාරීවරුන් අවධාරණය කර සිටින්නේ තේ කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැය හා ලෝක වෙළදපොලේ ශ්‍රී ලංකාවේ තේ වලට පවතින අභියෝග හමුවේ වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට නොහැකි බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්