කැනඩාව කංසා භාවිතය නීතිගත කළ බව ඔබ දැනටමත් දන්නවා. උරුගුවේ රාජ්‍යයෙන් පසු මේ විදියට කංසා භාවිතය නීතිගත කළ ලෝකයේ දෙවැනි රට කැනඩාවයි.
හැබැයි පහුගිය දවසක කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක් ගැන මේ දවස්වල බොහෝ දෙනා කතාබහ කරනවා.
සිය තරුණ කාලයේ අවස්ථා තුන හතරකදී කංසා භාවිත කර තිබුණත් ඉන් කිසිදු ආස්වාදයක් නොලැබූ බවත්, ඉදිරියේදීද කංසා භාවිතය සඳහා තමාගේ කිසිම අදහසක් නොමැති බවත් කැනඩා අගමැතිවරයා පවසනවා.
ජස්ටින් ටෘෘඩෝ අගමැතිවරයා 2014 වසරේදී කැනේඩියානු අගමැති පුටුවට තරග වදින අවස්ථාවේදී ඔහුගේ පොරොන්දු ලැයිස්තුවෙහි කැනඩාව තුළ කංසා නීතිගත කිරීමට ද පොරොන්දුවක් දී තිබුණා.
මේ සියල්ල අතරේ ලෝකයේ දෙවැනි රට විදියට කැනඩාව කංසා නීතිගත කරන විට කුඩා දරුවන්ගේ අතට එය පත්වීම වැළැක්වීම සඳහා දැඩි නීති පනවා තිබෙනවා.
ඒ වගේම කංසා මගින් සෞඛ්‍යයට හෝ සාමාජීය වශයෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා ද මේ සමග ඉදිරිපත් කර ඇති නීති පද්ධතිය උපකාරී වනු ඇති බව කැනඩාව විශ්වාස කරනවා.
මේ නව නීති සම්බන්ධයෙන් දැනුවත් කිරීම් රට පුරා පිහිටි ලක්ෂ 150කට වැඩි නිවාස වෙත යැවෙන බවත්, එකී නීති නිසා කංසා මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතය තහනම් කෙරෙන බව ද කැනඩාව වැඩිදුරටත් පවසනවා.