කොළඹ ජාතික රෝහලේ පටකවෙදී පරීක්ෂණ යළි ආරම්භ කර තිබෙනවා. මෙම පරීක්ෂණ මාස 04 ක කාලයක සිට නතර කර ඇති බවට පල වූ වාර්තා අසත්‍ය බව එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා පවසනවා.
පරීක්ෂණවලට අවශ්‍ය ඉදිකටු වර්ගය ලබා ගැනීමේ යම් ප්‍රමාදයක් පැවතුණා. ඒ හේතුවෙන් මෙම පරීක්ෂණ ටික දිනකට නතර කර තිබුණද අදාළ පරීක්ෂණ යළි ආරම්භ කර ඇති බවද ජාතික රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂවරයා සදහන් කරනවා.