ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් අගෝස්තු මස 23 වන දා සිට) උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස්කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගූණ තත්ත්වයක් පවතී.දකුණු සහ බස්නාහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි.
දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගූණ තත්ත්වයක් පවතී.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමයි.මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් එමෙන්ම ත්‍රිකුණාමලය සිට මඩකළපුව දක්වාත් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය පැ.කි.මී. 40-50 ක් පමණ වන අතර විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී. එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
