පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති නජාම් සේති මහතා ඉල්ලා අස්වී තිබෙනවා.
පාකිස්ථානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් එරට හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අග්රාමාත්යධූරයට පත්වීමත් සමග ඔහුට ක්‍රිකට් ආයතනයේ වෙනස්කම් සිදු කිරීමට ඉඩ සලසමින් මෙසේ ඉල්ලා අස්වුණා. වසර 04 ක් එරට ක්‍රිකට් ආයතන සභාපති ධූරය දැරූ සේති පාකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග යළි ගෙන ඒමට මූලික වූ පුද්ගලයායි. ඔහුගේ පාලන සමයේ ශ්‍රී ලංකා / සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් පාකිස්ථානයේ තරග සංචාර කළා.