ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කැසිනෝ ක්‍රීඩාව සඳහා මුදල් ඉපයූ බව කියන පුද්ගලයෙකු පිටකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිහිපයක් ලැබී තිබුණා.
ඒ අනුව කළ පරීක්ෂණවල දී හෙළි වී තිබෙන්නේ සැකකරු පමුණුව, කඳාන, කොළඹ හා මීගමුව යන ප්‍රදේශවල දී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රදේශවාසීන්ගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කර ඇති බවයි. වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව පවසා කාන්තාවක රවටා විවාහ කරගැනීම සම්බන්ධයෙන් ද පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පිටකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 31 හැවිරිදි මෙම පුද්ගලයා පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ළඟ තිබී වෙද නලාවක් ඇතුලු වෛද්‍ය උපකරණ කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.