සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් නොව සංවර්ධිත රටවලට ද ආර්ථික යුද්ධය දැඩි බලපෑමක් එල්ලකර ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
ඉන්දුනීසියාවේ බාලි නුවරදී මේ සතියේ පැවැත්වෙන සංවර්ධනය වෙමින් පවතින රටවල ජී 24 සමුළුවේ සභාපතීත්වය දරන්නේ අමාත්‍ය මංගල සමරවීර මහතායි. ඊට සහභාගිවීමට පෙර පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එක්ව සංවිධාන කරන මෙම සමුළුවට සංවර්ධනය වෙමින් පවතින රටවල් 24 ක මූල්‍ය ප්‍රධානීන් එක්වනවා.
මෙම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය මංගල සමරවීර මහතා කියාසිටියේ තුර්කිය, දකුණු අප්‍රිකාව සහ ආජන්ටිනාව ඇතුළු රටවල් රැසක් ණය අර්බුදයට මුහුණ දෙමින් සිටින බවයි. එමෙන්ම ඉතාලිය, ජපානය හා ඇමෙරිකාව වැනි ප්‍රබල රටවල් ද ණය ගැටලුවට මුහුණ දුන්නද ඔවුන්ගේ ඉහළ ආදායම් තත්ත්වය හේතුවෙන් එය බරපතල ගැටලුවක් වී නොමැති බව ඒ මහතා පෙන්වා දුන්නා.
ණය අර්බුදයට මුහුණදීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සංවර්ධනය වෙමින් පවතින රටවලට උපරිමයෙන් මූල්‍ය මෙන්ම උපදේශන පහසුකම් ලබාදෙන බව මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. ඉදිරියේ දී ඇරඹෙන බාලි සමුළුවේ දී සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇති අභියෝග පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බවයි හෙතෙම අවධාරණය කළේ.