යුද හමුදා ඉංජිනේරු සේනාංකය ස්ථාපනය කිරීම අද (18) සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්රධානත්නයෙන් මත්තේගොඩ ඉංජිනේරු බලකායේදීයී.
වසර 69 ක අභිමානවත් ඉතිහාසයක් හිමි ඉංජිනේරු බලකාය ත්රස්තවාදයට එරෙහි යුද්ධයෙදී සහෝදර සෙබලුන්ගේ ඉදිරි ගමන සදහා අවශ්‍ය මාර්ග, පාලම් ආදිය ඉදිකිරීම මෙන්ම සතුරු මර උගුල් ඉවත් කිරීම හා යුද අගල් නිර්මානය කිරීම ඇතුළු සුවිශාල මෙහෙවරක් ඉටු කළා.රජය ක්‍රියාත්මක කළ විවිධ සංවර්ධන ව්‍යාපෘති යටතේ හා මාර්ග ඉදිකිරීම, වැව් අමුණු ප්‍රතිසංස්කරණය, පාසල් නවීකරණය ඇතුළු විවිධ වැඩසටහන් වලට සිය දායකත්වය ලබාදීමට ඉංජිනේරු බලකාය කටයුතු කළා.
මෙම කටයුතු වඩාත් විධිමත්ව හා පුළුල්ව ඉටු කිරීම සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත ඉංජිනේරු සේනාංකය අද (18) සිට ස්ථාපනය කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/4p4O9HmbnGM”]