ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා.
පුරෝකථන අනුව මධ්‍ය වාමාංශික අපේක්ෂකයා වන ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් ජයග්‍රහණය කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ අනුව වර්තමාන ජනාධිපති මව්රිචියෝ මැක්රිට පරාජයක් ලැබෙනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. රටේ ඇති වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව වත්මන් පාලනයට එරෙහිව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. ආර්ජන්ටිනා ජනාධිපතිවරණයෙන් කිසියම් අපේක්ෂකයෙකු පළමු වටය ජයග්‍රහණය කිරීමට නම් 45% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු වනවා. පැහැදිලි ජයග්‍රාහකයෙකු හදුනා ගැනීමට නොහැකි වුවහොත් දෙවන වටයේ ද ඡන්දයක් පැවැත්වීමට සිදුවනවා. ඒ අනුව දෙවන වටයේ ඡන්දය ලබන මස 24 වනදා පැවැත්විය යුතුයි.