ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කමක් හිමි කර ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් අද (26) ගිලිහී ගියා.
බර ඉසිලීමේ ක්‍රීඩක සුපුන් සෝමතිලකට මෙම තරගයේදී හිමි වූයේ සිව් වැනි ස්ථානයයි.
සුපුන් සෝමතිලක තරග වැදුනේ කිලෝග්‍රෑම් 60 පන්තියෙන්.
මෙම තරගයේදී සුපුන් සෝමතිලක විසින් එසවූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 244ක් ලෙස සටහන් වුණා.
ඔහුට වඩා කිලෝග්‍රෑම් 16ක් වැඩියෙන්, එනම් මුළු බර කිලෝග්‍රෑම් 260ක් එසවීමට සමත් වූ කෙන්යානු ක්‍රීඩකයා විසින් මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.
මේ අතර, නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මුළු බර කිලෝග්‍රෑම් 273ක් එසවූ මැලේසියානු ක්‍රීඩකයා මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.
මීට අමතරව, කිලෝග්‍රෑම් 264ක බරක් සාර්ථකව එසවූ ඉන්දීය ක්‍රීඩකයාට රිදී පදක්කම හිමි වුණා.
